දුවන්න බැරි තරමට ලෙඩ ගොඩයි – හලා­වත පාසල් බස්-වෑන් 24කට තහනම් නියෝග

හලා­වත, මාදම්පේ, ආර­ච්චි­ක­ට්ටුව පොලිස් බල ප්‍රදේ­ශ­වල පාසල් ළම­යින් ප්‍රවා­හ­නය කරන බස් රථ, වෑන් රථ 54කින් බස් රථ හා වෑන් රථ 24කට තහ­නම් නියෝග නිකුත් කිරී­මට ඊයේ (15) පිය­වර ගෙන ඇත. මාදම්පේ, මැද­ගම ප්‍රදේ­ශ­යේදී මේ බස් රථ පරීක්ෂා කිරීම සිදු කර තිබේ. තිරිංග නිය­මිත පරිදි ක්‍රියා­ත්මක නොවීම, ගෙවී ගිය ටයර්, විදුලි සංඥා නිසි පරිදි නොමැති වීම, ආසන නිසි පරිදි නොති­බීම, සුක්කා­නමේ දෝෂ, අම­තර කොටස් හා විදුලි පහන් ගැටලු ඇතුළු ගැටලු මේ වාහ­න­වල තිබී ඇත.

මේ වාහ­න­වල පව­තින දෝෂ දින දහ­ය­කදී සාදා පෙන්වී­මට නියෝග කළ බව මාදම්පේ පොලී­සියේ රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති නිශාන්ත රෙජි­නෝල්ඩ් මහතා පැව­සීය. මේ වාහ­න­ව­ලින් ඉතා සුදුසු තත්ත්වයේ තිබී ඇත්තේ එක් වාහ­න­යක් පම­ණක් බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *