හම්බන්තොට නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි

හම්බන්තොට මයුර නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා තිබේ.

ඒ, කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් ය.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු, පසුගිය සතියේ අත්අඩංගුවට ගත් සුරංග නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *