හර්දික් පාන්ඩ්‍යා – නටාසා වෙන් වුණා ද ? ඇත්තම කතාව මෙන්න

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා මේ ගෙවන්නෙ දුෂ්කර කාලසීමාවක්. වෘත්තීය ජීවිතේ පැත්තෙනුත්, පෞද්ගලික ජීවිතේ පැත්තෙනුත් ඇහෙන කතා එච්චර හොඳ ඒවා නෙවෙයි.

මේ වෙද්දි සමාජ මාධ්‍ය උණුසුම් කර ඇති කතාව තමයි හර්දික් – නටාසා ප්‍රේම ජවනිකාව හමාර වී ඇති බව.

දෙන්නා ඩිවෝස් ?? එහෙම තමයි කතාව යන්නෙ.

ආරංචි මාර්ගවලට අනුව හර්දික් පාණ්ඩ්‍යා සහ ඔහුගේ බිරිඳ වන සර්බියානු නිළි නටාසා ස්ටැන්කොවික් (natasa stankovic) ඔවුන්ගේ සම්බන්ධතාවයේ දුෂ්කර කාලයක් ගත කරන සමයක් මේ ගෙවෙන්නෙ.

ඒ තත්ත්වය කෙතරම් දරුණුද යත් දෙන්නා වෙන් වෙන්න පවා ඉඩ තියෙනවා. දෙන්නගෙ විවාහ ජීවිතයේ අර්බුද සති කිහිපයක සිට පවතිනන්නක් බවයි කියවෙන්නෙ.

1 1yuboN3177s Iri News

මේ විදියට කතා පැතිරෙන්න එක හේතුවක් තමයි නටාසා සිය සමාජ මාධ්‍ය ගිණුමේ ‘නටාසා ස්ටැන්කොවික් පාණ්ඩ්‍යා’ වෙනුවට ‘නටාසා ස්ටැන්කොවික්’ ලෙස නම වෙනස් කර තිබීම.

ඒ වගේම ඇය IPL 2024 තරග නැරඹීමට නොපැමිණ ඇති බව ද සඳහන්. අනෙක් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු වගේ ඇය තම සැමියාට සහයෝගය දැක්වීම සඳහා නොපැමිණීම කාටත් ප්‍රශ්නයක්.

තවත් කාරණයක් නම් දෙන්නාම මෑතකාලීනව එකිනෙකා ගැන කිසිවක් සමාජ මාධ්‍ය වේදිකාවන්හි පළ නොකර තිබීම.

විශේෂම කතාව තමයි මාර්තු 4 වනදාට යෙදී තිබුණු නටාසාගේ උපන්දිනය වෙනුවෙන්, හර්දික් කිසිම පළකිරීමක් සිදුනොකිරීම.

2 1boesN9262a Iri News

මේ කාරණා ඔක්කෝම එක මිටකට අරන් බහුතරයක් ඇවිත් තිබුණු නිගමනය තමයි හර්දික් – නටාසා වෙන් වෙලා කියන කතාවත් නුදුරේදීම ඔවුන් දික්කසාද වනු ඇති බවත්.

නමුත් ඔවුන් දෙදෙනාම මීට ඉහත එකිනෙකා වෙනුවෙන් පළකළ සමාජ මාධ්‍ය සටහන් හෝ ඡායාරූප කිසිවක් ඉවත් කර නෑ ! පුතු අගස්ත්‍යා එක්ක දෙන්නා ඉන්න ඡායාරූප පවා එහෙමම තියෙනවා.

3 1yonsN7656b Iri News

මේ විදියට පැතිරෙන තවත් කතාවක් තමයි හර්දික් සිය බිරිඳගෙන් දික්කසාද වුවහොත් ඔහුගේ වත්කම්වලින් 70% ක් ඔහුට අහිමි විය හැකි බව.

ඒවා කොහොම වුණත් නටාසා හෝ හර්දික් මේ වන තුරුම දෙදෙනාගේ වෙන්වීමක් ගැන තහවුරු කරලා නෑ.

4 1ubnsN3686y Iri News

හර්දික් – නටාසා විවාහය සිද්ද වෙන්නෙ 2020 වසරේ මැයි මාසයේදී. Covid-19 අගුලු දැමීම් මධ්‍යයේ සිදුවූ ඔවුන්ගේ විවාහය සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්ව තිබුණා.

ඒ වසරේම ජූලි මාසයේදී මෙම යුවළ ඔවුන්ගේ පළමු දරුවා වන අගස්ත්‍ය පාණ්ඩ්‍යව පිළිගත්තා.

ඒත් එක්කම මෑතක දී, ඒ කියන්නෙ 2023 වසරේ පෙබරවාරි මාසයේ දී හර්දික් සහ නටාසා උදයිපූර් හිදී හින්දු සහ ක්‍රිස්තියානි සංස්කෘතීන් අනුගමනය කරමින් ඔවුන්ගේ භාරයන් පවා අලුත් කර තිබුණා.

5 1yubnN6952y Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *