සංගීත ප්‍රසංග තියන්න හරීන් සහ යූත් සභාපති රුපියල් මිලියන 188 වියදම් කළ හැටි හෙළි වෙයි

ස්මාර්ට් යූත් නම් වූ ප්‍රදර්ශනයක් සහ සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 188ක් අක්‍රමවත්ව භාවිතා කර ඇති බව ඊයේ කෝප් කමිටුවේ දී අනාවරණය වූයේය. ඒ ජාතික තරුණසේවා සභාව සහ ශ්‍රී ලංකා තරුණසේවා සමාගම එම කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී හෙළිදරවු වන්නේ   එවකට හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු  සහ ඒ වකවානුවේ හිටපු සභාපතිවරයා වූ  විසින් ගන්නා ලද තීරණයකට අනුව දේශපාලන අවශ්‍යතා මත මෙම මුදල වියදම් කර ඇති බවය.

“මේ වැඩ සටහන් එකට ගත්තම ඉතාම සමාන ස්වරූපයක් තමයි තිබෙන්නේ. අනුමැතිය ලබා ගැනීමේ දී ජනාධිපති ලේකම් කාර්යාලය, ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය, මේ වගේ ආයතන එක්ක එකතුවෙලා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය හරහායි.

ඊට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඒකට පරිබාහිරව කටයුතු කරලා ඒ ක්‍රියාවලියේ නැති සභාපතිවරයාගේ කාර්යාලයේ ඉඳගෙන තමයි මේ ප්‍රසම්පාදන වැඩ ඔක්කොම වෙලා තියෙන්නේ

වසරමුල සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීමේ දී ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ගේ නම් සභාපතිවරයාගේ අත්සනින්  යුක්තව ඉදිරිපත් කරලා තියනවා.

මට පේන විදිහටනම් මේක දේශපාලනික අරමුණකින් තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ.” ජාතික තරුණ සේවා සභාවේ  සභාපතිවරයා පැවසුවේය. සටහන් වූ අරමුණු වශයෙන්  පසුගිය කාලය පුරාම තරුණයින් අසහනකාරී තත්ත්වයකින් පෙලුන බවත් ඒ පීඩාකාරී තත්ත්වයන්ගෙන්  මුදා ගැනීම සඳහා මෙවැනි සංගීත ප්‍රසංග මානසික සුවතා  වැඩසටහන් පැවැත්වීම අරමුණ බවත් මේ වැඩසටහන්වල අරමුණු වශයෙන් දක්වා තිබිණි.

එවකට ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් මෙම වැසටහනට මිලියන 446ක් මුදල් අමාත්‍යාංශයෙන් මේ ව්‍යාපෘතිය සඳහා වියදම් කර ඇත්තේ කැබිනට් අනුමැතිය උල්ලංඝනය කරමින් බවත්, කැබිනට් අනුමැතිය ලැබී තිබුනේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම මුදල් වියදම් කෙරිය යුතු බවටත් විගණකාධිපතිවරයා පැහැදිලි කළේය.

මේ අවස්ථාවේ දී හෙළිදරවු වන්නේ ජනාධිපතිවරණයට පෙර දවසේ රුපියල් මිලියන 100ක මුදලක් ගිනුමට බැර වී ඇති බවය. බලය ලත් නිලධාරීන් තුන් දෙනා වෙත බලපැම් කරමින් මෙම වව්චර  සහතික කරගෙන අදාල ගෙවීම් කර ඇති බව ද අනාවරණය වූයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *