ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නුදුරේදීම ඉවත් කරනු ඇතැයි වාර්තා වෙයි.
ක‍්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ක‍්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කර ඇති ලිපි දෙකක් මත මෙම තහනම ඉවත් කරනු ඇති බවද දැනගන්නට ඇත.
ශ්රී ලංකා ක්‍රීඩා නීතිය යටතේ ක්‍රිකට් ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් පවතින නීති උල්ලංඝනය නොවී කටයුතු කරන පසුබිමක ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් කරන්නැයි අමාත්‍යවරයා සිය ලිපිය මගින් ඉල්ලා ඇත.
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය අවලංගු කර අතුරු කමිටුවක් පත් කිරීමේ ගැසට් නිවේදනය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අත් අවලංගු කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන විසින්ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් විසින් ලිඛිතව දැනුවත් කර තිබේ.
එම ලිපි දෙකම කවුන්සිලේ ඉදිරි විධායක කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර එහිදී මෙම තහනම ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් වාර්තා වේ.