පවතින තත්ත්වය මත මෙරට විදුලි කප්පාදුවක් සිදු නොවුණහොත් එය ලෝක පුදුමයක් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.
ලංකාව තුළ පවතින අර්බුදය හටගෙන ඇත්තේ ලෝක යුද්ධයක් නිසා බවට සිතා සිටීම පට්ටපල් බොරුවක් බවත්, මෙය වත්මන් ආණ්ඩුව බොරු ප්‍රකාශ කිරීම නිසා ඇති වූ සාපයක් බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.