අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ හෙට පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු බවත්, කිසිඳු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බවත් රජයේ විශ්වාසය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියළු දරුවන්ට, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිවරිය සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

ඇය පවසා ඇත්තේ සෑම දරුවෙකුට ම සම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය සියලු කටයුතු රජයක් වශයෙන් ස්ථාපිත කිරීමේ වගකීම භාරගෙන සිටන බවත් එම අවංක උත්සාහය මුදුන් පමුණුවාගැනීමට සියලු දෙනාගේ ඵලදායි අදහස්-උදහස් ඉතා වැදගත් කොට සලකන බවත්ය.

පාසල් යන මුල් ම දවස ආදරණීය දූ දරුවන්ගේ ජීවිතයේ සුන්දර සිහිවටනයක් ලෙසින් සනිටුහන් වනු දැකීම සිය පැතුම බවද අග්‍රාමාත්‍යවරයි පවසයි.

එබැවින් එම අරමුණ මල්ඵල ගන්වනු වස් සතුටින්, විනෝදයෙන් හා අර්ථවත් ව පාසල් සමය නිදහසේ ගත කිරීමට හැකි වන පරිදි පාසල් පරිශ්‍රය හා ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායි කිරීමට රජය මහත් පරිශ්‍රමයක් දරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සම්පුර්ණ සුබ පැතුම් පණිවුඩය පහතින්,

2026 01 28 Minister Massage Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *