අනුපාතය අඩු කර­ ගන්න ලැබීම සතු­ටට කරු­ණක් – ආචාර්ය හර්ෂ කියයි

අමෙ­රි­කාව මඟින් පනවා තිබූ තීරු බද්ද 30%ක් දක්වා අඩු කර­ගැ­නී­මට ලැබීම තුළ යම්කිසි සාර්ථ­ක­ත්ව­යක් තිබෙන බව සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ආචර්ය හර්ෂ ද සිල්වා මහතා පව­සයි.

මේ අව­ස්ථාවේ අපි සිටින්නේ කන්ද මුදුනේ බවත් අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජන ගෙන ට්‍රම්ප් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කණ්ඩා­යම සමඟ මෙය තව දුර­ටත් පහත හෙළා ගැනීම සම්බ­න්ධ­යෙන් සාකච්ඡා ආරම්භ කරන ලෙස ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය.

සජබ, ජාතික ජන බල­වේ­ගය, පොහො­ට්ටුව හෝ ලෙස නොව මෙය සියලු දෙනා දේශ­පා­ල­නය පැත්ත­කට තබා රට වෙනු­වෙන් ඉදි­රි­යට පැමි­ණිය යුතු අව­ස්ථා­වක් බව කී ඒ මහතා මේ ජය­ග්‍ර­හ­ණය තව ඉදි­රි­යට ගෙන යාමට කට­යුතු කළ යුතු බවත් කීවේය.

අපිට පනවා තිබූ තීරු බද්ද 30% දක්වා අඩු කර ගැනී­මට ලැබීම තුළ යම් සාර්ථ­ක­ත්ව­යක් තිබෙ­නවා. අපි තර­ග­කාරි වීමට නම් අප සමඟ තරග කරන අමෙ­රි­කාවේ මාර්කට් එක ඒ ඒ රට­ව­ලට පනවා තිබෙන බද්ද ගැන බලන්න ඕනේ. විය­ට්නා­මය ගත්තාම 20%ක බද්දක් පනවා තිබෙ­නවා. බංග්ලා­දේ­ශ­යට 25%යි. අපි මේ රට­වල් දෙක සමඟ තරග කරන රටක් ලෙස තවත් මෙය අඩු කර­ගන්න ඕනේ. අපි දැන් ඉන්නේ කන්දක් මුදුනේ. කොයි පැත්තට වැටෙ­යිද දන්නේ නැහැ. ඒ නිසා ලැබුණු අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජන ගෙන නැවත සාකච්ඡා ආරම්භ කරමු. අපි ඊට පුළු­වන් උප­රිම සහ­යෝ­ගය ලබා දෙනවා යැයිද හෙතෙම කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *