සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන සහ චෝදනා එල්ල වෙමින් තිබෙනවා. “රට පාවා දෙන දේශද්‍රෝහියෙක්” ලෙස හඳුන්වමින් ඔහුට විරෝධය පළ කරන සටහන් රැසක් මේ වන විට හුවමාරු වෙමින් පවතිනවා.
මෙම තත්ත්වය හටගෙන ඇත්තේ, ඔහු විසින් ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් ඉන්දියාව ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව සමච්චලයට ලක් කරන බව පාර්ලිමේන්තුවේ සිදු කරනු ලැබූ ප්‍රකාශය සහ ඉංග්‍රීසි උපසිරැසි සමග තම සමාජ මාධ්‍ය ගිණුමේ පල කිරීමත් සමගයි. මෙය මේ වනවිට ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යන අතර ඉන්දු – ශ්‍රි ලංකා සබදතාවයට බලවත් පහරක් එල්ල වනු ඇති බවයි විචාරකයින් සදහන් කරන්නේ
මෙම තත්ත්වය මගින් ඔහුට එරෙහිව සමාජ මාධ්‍යවල විශාල කතාබහක් සහ බෙදීමක් ඇති වී තිබෙනවා.



