රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නම්, පොලීසිය දේශපාලනීකරණය කිරීම නැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
පොලීසිය භාර අමාත්‍යවරයා හා පොලිස්පතිවරයා ඇතුළු රජයේ නියෝජිතයින් කතා කරන්නේ පැලවත්ත පක්ෂ මූලස්ථානය ප්‍රකාශ කරන ලෙසට බවත්, පොලිස්පතිවරයාට ලැබී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ධුරය නොව, රටේ පොලිස්පති ධුරය බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මූලාශ්‍රය – හෙළකුරු