හැටන් දුම්රිය ස්ථානය ලක්ෂ 42ක අමතර ආදායමක් උපයයි

හැටන් දුම්රිය ස්ථානය රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයා තිබෙනවා.

දුම්රිය ස්ථානය මෙතෙක් භාවිතයට නොගත් ගොඩනැගිලි දෙකක් පිළිසකර කර කුලී පදනම මත ලබාදීම මගින් මෙම ආදායම ලබාගෙන තිබෙනවා.

හැටන් දුම්රිය ස්ථානය සතු වර්ග අඩි 23000ක ගොඩනැගිලි දෙකක් දින 14ක කාලයක් සඳහා තාවකාලිකව වෙළඳාම් කිරීමට තීරණය කර තිබෙනවා.

දීපාවලී උත්සව සමය වෙනුවෙන් එම තීරණය ගැනීමත් සමග දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *