පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් ලෙස කටයුතු කරන හයේශිකා ප්‍රනාන්දු පොලිස් නිල වාහන හා පොලිස් නිලධාරින් නීති විරෝධී ලෙස භාවිතා කර ඇත්දැයි පරීක්‍ෂණයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි.
අදාළ උත්සවය සඳහා ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසුන් අටදහසක් සහභාගී වන බවට දැනුම්දී මුදල් ගෙවීමේ පදනම මත පොලිස්සියෙන් එම පහසුකම් ලබාගෙන ඇති බවද ඔහු පැවසීය.
නමුත් ඇය එහිදී ඇයගේ වෙනත් කාර්යයක් සඳහා එම පොලිස් පහසුකම් ලබාගෙන ඇති බව නිරීක්ෂණ වෙන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවද ඔහු සඳහන් කළේය.
විශේෂ අවස්ථාවන්වලදී පොලිස් නිලධාරීන්, පොලිස් වාහන මුදල් ගෙවීමේ පදනම මත ලබා ගත හැකි බව ඒ මහතා තව දුරටත් පැවසුවේය.