සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කරයි

සෞඛ්‍ය සේවකයින් ඇඟිලි සලකුණු තබා සේවයට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මගින් පත් කළ අනු කාරක සභාවේදී ප්‍රශ්න කෙරුණා.

වෘත්තීය සමිති ඊට දැඩි විරෝධයක් ප්‍රකාශ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා එහිදී පැවසුවේ.

කෙසේ වෙතත් කෝපා අනු කාරක සභාව උපදෙස් දී ඇත්තේ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇඟිලි සලකුණු ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *