වැස්සක් පේනතෙක් මානෙක නෑ – දැවැන්ත වියළි කාලගුණයකට ලංකාව මැදි වෙයි

පවතින වියළි කාලගුණික තත්ත්වය ලබන මාර්තු මාසයේ අග තෙක්ම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා ඊයේ (13 දා) පැවසීය.

කෙසේ වෙතත් මෙම මාසයේ 16 වැනිදා දක්වා සුළු, සුළු වැසි වාර කිහිපයක් නැඟෙනහිර, ඌව, උතුර, දකුණ, උතුරු මැද පළාත්වලටත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් ඇතිවිය හැකි බව ද හෙතෙම කීය.

එසේම බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් සවස්භාගයේ සුළු වැසි ඇතිවිය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය. මේ අතර, ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන බවත් එම අගය සෙල්සියස් අංශක 35.5 ක් බවත් හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *