අධික රස්නය දරාගත නොහැකිව පුද්ගලයින් 04ක් මිය යයි –


අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා සඳහන් කළේ.

ඔවුන් සියලූදෙනා නිධන්ගත රෝගවලින් පෙලූණු පුද්ගලයින් බවත් පවතින අධික රස්නය සමග ඇති වූ විවිධ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී අති බවද වාර්තා වනවා.

මියගිය හතරදෙනාම වැඩිහිටියන් වන අතර තවත් වැඩිහිටි පුද්ගලයෙක් දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණා.

එමෙන්ම, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සටහන් වුයේ සෙල්සියස් අංශක 37ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *