උණු වතුර වීදුරුවකට රුපියල් 100 ක් අයකරන වෙළඳ සැළක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේවන විට දැඩි කතා බහක් සිදුවෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කරන්නේ මේ පුවත සත්‍ය බවයි . එසේම එම හෝටල් බිල්පත ජාතික පාරිභෝගික පෙරමුණ සන්තකයේ පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.
”මේ අපි දන්න එක කාරණාවක් පමණයි.. උණු වතුර හරි ඇල් වතුර හරි බොන්නනේ.. එහෙම වතුර වීදුරුවකට ගාස්තුවක් අය කරන එක අනුමත කරන්න බැහැ.. ඒ්ක ලොකු අසාධාරණයක්.. මේ වගේ ක්‍රියා නැවත සිදුනොවෙන්න මේවා ලත් තැනම ලොප් කරන්න ඕන… අපි මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා… පාරිභෝගික පනතේවත් නැහැ මෙහෙම වතුර වීදුරුවකට සල්ලි ගන්න ඕන කියලා….
මේවට හැබැයි ව්‍යාපාරිකයින්ට දොස් කියන්නත් බැහැ.. අපි හැමෝම ඉන්නේ ආර්ථික අර්බුදයක.. විදුලි බිල අහස උසට.. ඉතින් කාටත් අමාරුයි.. ඒ් නිසා මෙහෙම කරනවා වෙන්නත් පුළුවන්.. මොකක් වුනත් මේක අනුමත කරන්නේ නැහැ.. මේක නරක පූර්වාදර්ශයක්..
මේක මෙතනින් නතර කළේ නැත්නම් ඉදිරියට ලොකු ගැටළුවක් වෙනවා.. හැම එකෙන්ම තැලෙන්නේ සාමාන්‍ය ජනතාව.. හරි නියාමනයක් නැති එක තමා මේ ඔක්කෝටම හේතුව… මේවා නියාමනය කළ යුතුයි..”