හැමෝම වතුර ලීටර් 03ක් බොන්න – නැත්තම් රස්නෙන් බේරෙන්න බැරි වෙයි – විශේෂඥ වෛද්‍යවරු කියයි

මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් වැඩිහිටියකු දිනකට ජලය ලීටර් 3ක් ද, දරුවකු ජලය ලීටර් 1 1/2 ක් පානය කිරීම ශරීර සෞඛ්‍යයට ඉතා යෝග්‍ය බව ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යායතනයේ පෝෂණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ඊයේ (20 වැනිදා) පැවසුවාය. ජලය මේ දිනවල වැඩිපුර පානය නොකිරීම තුළින් විජලන තත්ත්වයට පත්විය හැකි බවද ඇය කීවාය. ජලයට අමතරව කොමඩු, නාරං, දොඩම් වැඩි වැඩියෙන් පානය කිරීම ඉතා සුදුසු බවද ඇය සඳහන් කළාය.

පවතින රස්නය හා අව් රශ්මිය හමුවේ එළිමහනේ රැඳී සිටීමෙන් වළකින ලෙස ද ඇය කියා සිටියාය. රැකියා සඳහා යන අයකු නම් ජලය වැඩිපුර රැගෙන යෑමද ඉතා සුදුසු බවද ඈ කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *