ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට නඩු පවරනු ලැබූ තැනැත්තකුට කොළඹ මහාධිකරණය ඊයේ (8) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
මෙලෙස ජීවිතාන්ත සිරදඬුවම් නියම කරනු ලැබුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්හී ඛෙත්තාරාම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5.951ක් ළඟ තබාගැනීමේ චෝදනාවට නඩු පවරන ලද ඩී.එම්. සුගත් ප්‍රසන්න නමැති තැනැත්තෙකි. විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බාලපටබැඳිගේ මහතා විසින් චුදිත විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනා දෙකටම ඔහු වැරදිකරු කරන ලදි.
නීතිපතිවරයා විසින් 2019 වසරේ ජූලි 31 දා විත්තිකරුට එරෙහිව හෙරොයින් ළඟ තබාගැනීම හා ජාවාරම් කිරීම ඇතුළු අධිචෝදනා 2ක් යටතේ 1984 අංක 13 දරන විෂ වර්ග අබිං හා අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත යටතේ නඩු පැවරීම සිදු වී ඇත. රජයේ අධිනීතිඥ චතුරංග බණ්ඩාර පැමිණිල්ල මෙහෙයවීය.