මත්ද්‍රව්‍ය සිද්ධියට අදාල මාලිමා මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාල පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමුකිරීමට කටයුතු කර ඇති අතර, එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයාට යොමු කර තිබේ.

සිදුවීමට අදාල දිස්නා නිරන්ජලා කුමාරි, පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගිය පළාත් පාලන මැතිවරණයේ වී තේරී පත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *