වර්ෂාව හමුවේ ගංගාවල ජල මට්ටම් වේගෙයන් ඉහළට – රටම ගංවතුර අවදානමක


පවතින අධික වැසි හේතුවෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අත්තනගලු ඔය පරිහරණය කිරීමේදී ජනතාව සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බවටයි.

එමෙන්ම මහවැලි, කළු, ගිං, මාදුරු ඔයේ ජල මට්ටම්ද මේ වනවිට ඉහළ යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර රාජාංගණය ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙක බැගින් තවදුරටත් විවෘත කර තිබෙනවා.මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අදත් (19) මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක් තද සුළං ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *