අධිබල යතුරුපැදි ලියාපදිංචියට අවසර දෙයි

අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් එක්කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

එසේම මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමටත් සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා එම සටහනින් පෙන්වාදෙයි.

එම සටහන පහතින්,

උපුටා ගැනීම

අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචියට අවසර…
රටේ තාරුණ්‍යය මා හට කළ ඉල්ලීමක් වන අධි ධාරිතාවයෙන් සමන්විත යතුරුපැදි ලියාපදිංචි කිරීමේ යෝජනාවට අවසර ලබා දීමට ශක්තියක් වෙමින්, තාරුණ්‍යයේ හඬට හොඳින් සවන්දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාටත්, ගරු ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාටත් මා විශේෂ ස්තූතිය මෙයින් පුද කර සිටිමි.
මෙම අධි ධාරිතා යතුරුපැදි ලියාපදිංචියෙන් ලැබෙන ආදායමින් කොටසක් ශ්‍රී ලංකා පොලීසියේ අධි ධාරිතා යතුරුපැදි මිලදී ගැනීමට සහ අදාළ විශේෂ අවශ්‍යතා සඳහා යොදා ගැනීමටත් සාකච්ඡා කෙරිණි. 
තවද, මෙම ඉලක්කය සාර්ථක කර ගැනීමට දායකවූ සැම දෙනාටම මාගේ විශේෂ ස්තූතිය මෙයින් පුද කර සිටිමි.

උපුටා ගැනීම අවසන්…

1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *