බෙදාගන්න
මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල ඇතුලු පවුලේ සාමාජිකයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (16) දැනුම්දුන්නා
පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී කෙහෙලිය රඹුක්වැල්ල මහතා හැර සෙසු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දුන්නේ සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර ඇති බවයි.
ඒ අනුව මෙම නඩුකරය තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් නඩුකර බහා තබන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ නඩු බහා තැබීමට අධිකරණය නියම කළා. ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවදියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයන්ගේ නම් ඇතුලත් කර ඔවුන්ට හිමි වැටුප් හා දීමනා ලබා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්විමේ පනත යටතේ වරදක් සිදුකළ බව සදහන් කරමින් කෙහෙලිය රඹුක්වැල්ල ඇතුලු පිරිසට එරෙහිව අල්ලස් කොමිසම මෙම විමර්ෂණ සිදුකළා.