රට පුරා උෂ්ණත්වය වේගයෙන් ඉහළ යයි – ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල අද (22) දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසීය.

මේ අතර, පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සමඟ ළමුන් අතර සමේ රෝග වර්ධනය වීමක් දක්නට ලැබෙන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ දරුවන් හිරු එළියට නිරාවරණය කිරීම සීමා කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *