අධිවේගී මාර්ගවල සියලුම මගීන් සඳහා ආසන පටි අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල රියැදුරන් මෙන්ම, පසුපස අසුන්වල ගමන්ගන්නා මගීන් ද අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතු බවට නීතියක් බලාත්මක කරමින් මහමාර්ග අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නව නීතියට අනුව, අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම මෝටර් රථ සඳහා මෙම නියමය බලපාන අතර, රියැදුරන් මෙන්ම පසුපස අසුන්වල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය වේ. මෙම නීතිය කඩකරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *