අධිවේගී මාර්ගවල කාඩ්පත්වලින් ගෙවීම හෙට සිට ඇරඹෙයි

සැලසුම් කළ පරිදි අධිවේගි මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් හෙට සිට ක්‍රියාත්මකයි.

ප්රවාහන , මහාමාර්ග , වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මෑතකදි ක්‍රියාත්මක කළ තිරසර වැඩසටහනකට අනුව අධිවේගි මාර්ග වල ගෙවීම් කාඩ්පත් මගින් සිදුකිරීමටයි මූලික සැලසුම් සකස් කෙරුණේ .

එහි ප්‍රතිඵලයක් ලෙසයි දක්ෂණි අධිවේගි මාර්ගය , කොළඹ කටුනායක අධිවේගි මාර්ගය හා මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටු වලදි කාඩ්පත් මගින් හෙට(21) සිට ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇත්තේ.

අන්තර් හුවමාරු 35 ක් හා පිටවිම් ගේට්ටු 119 ක් තුළ සේවා පහසුකම් ලබාදීමට නිලධාරී මඩුල්ලද පුහුණු කර අවසන් බවයි අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *