අධිවේගී මාර්ග වල කාඩ්පත් (debit card & credit card) සහ QR code මගින් ගෙවීම් කිරීමේ පහසුකම්!
අද (09) දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ දී අධිවේගී මාර්ග වල ගමන් කිරීම සඳහා කාඩ්පත් (debit card & credit card) සහ QR code මගින් ගෙවීම් කටයුතු සිදුකිරීමට අදාලව මාර්ග සංවර්ධන අධිකාරිය සහ තරගකාරී ලංසු කැදවීමකින් තෝරාගනු ලැබූ හැටන් නැෂනල් බැංකුව අතර ගිවිසුම ගතවීම සිදුවිය.
කාඩ්පත් මගින් ගණුදෙනු කිරීමට අදාලව නියමු ව්‍යාපෘතීන් මේ සතියේ කොට්ටාව සහ කඩවත හුවමාරු වල දී ඇරඹීමට නියමිත අතර මැයි මස සිට ලංකාවේ සියලුම අධිවේගී මාර්ග වල වල මෙම කාඩ්පත් මගින් ගෙවීමට අදාලව කටයුතු සුදානම් කිරීමට නියමිත ය.
කිසිඳු අමතරව ගෙවීමකින් තොරව අධිවේගී මාර්ග වල ගමන් ගන්නා ජනතාවට ලබන මස සිට මෙම සේවාව ලබාගත හැකිය.