දිනක් තුළ අධිවේගී මාර්ගවල ආදායම මිලියන 61 ඉක්මවා යයි

දිනක් තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් රුපියල් මිලියන 61ක ආදායමක් උපයා තිබෙනවා.

ඊයේ පස්වරු 6.00න් අවසන් වූ පැය 24 තුළ 170,000කට අධික වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මේ අතර, පෙරේදා දිනයේදී ද අධිවේගී මාර්ගවල වාහන 170,069ක් ගමන් කර තිබූ අතර, රුපියල් මිලියන 61.7ක අදායමක් උපයා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *