නිරුවත් අයෙක් රෝහල් වාට්ටුවට ඇතුළු වෙයි – රෝහලම කැළඹෙයි

මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුවට පසුගිය 08 වැනිදා අලුයම් කාලයේ නිරුවතින් පුද්ගලයෙක් ඇතුළු වී තිබේ.

ඒ හේතුවෙන් වාට්ටුවේ කලබලකාරී තත්ත්වයක් ඇති වූ බව මීරිගම පොලිසිය සඳහන් කරයි.

ඇඟේ කිසිදු ඇඳුමක් නොමැති පුද්ගලයෙකු වාට්ටුවට ඇතුළු වී එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරියක් නිදාගෙන සිටි ඇඳ මත වාඩිවී සිට ඇත.

අලුයම දැරිය අවදිවී මෙම පුද්ගලයා දැක මහ හඬින් කෑ ගසා ඇති අතර ඒ සමගම එම පුද්ගලයා පලා ගොස් තිබේ.

රෝහල විසින් මේ බව පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *