සැමියාගේ මළසිරුර බිරිඳ නිවසේ දින තුනක් තබා ගනියි

මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ  නිවසේ තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා ද සමග සිටී කාන්තාවක් දොරවල් කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

පානදුර ඇටඹගොඩවත්ත ජනජය නිවාස සංකීර්ණයේ අඹුසැමි යුවළක් පමණක් පදිංචිව සිටින  නිවසකින් අධික දුගඳක් හමන බවට පානදුර දකුණ පොලිසියට  ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් පිරිසක් එහි ගොස් තිබේ.

පොලිස් කණ්ඩායම් එහි යනවිට මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිද  නිවසේ දොරගුලු දමාගෙන සිට ඇති බවත් ඒවා කඩා නිවසට ඇතුළුවී පරීක්ෂා කිරීමේදී ඇදක් මත මුනින් අතට තිබූ මළසිරුර සොයාගත් බවත් පොලිසිය කීය.

අත්තනායක මුදියන්සේලාගේ ජගත් බණ්ඩාර නමැති (52) හැවිරිදි  පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කීය.

මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිඳ කිසියම් මානසික රෝග තත්ත්වයකින් පෙලෙන බවට සැක පලකරන බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *