සැමියා සිය නිවෙස තුළදී සිරුරට ගිනි ඇවිළී රෝහල්ගත කිරීමෙන් පසුව අතුරුදන්ව සිටි බිරිඳ වසර 11 කට පසුව කිරිබත්ගොඩ පොලිසිය මගින් ඉකුත් සිකුරාදා (16 වැනිදා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි මහතාට මේ කාන්තාව කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටින බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.
ඉකුත් 2013 වසරේ නොවැම්බර් මස 08 වැනි දින රාත්‍රි කාලයේ ගෝනවල, තල්වත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස තුළදී සැමියාගේ සිරුරට ගිනි ඇවිළී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමගම සිය බිරිඳ අතුරුදන් වූ බව කියති.
මේ අනුව බිරිඳගෙන් මේ සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට ඇය සොයා ගැනීමට නොහැකි වූ අතර සැමියාගේ එම මරණය ගැන විවෘත තීන්දුවක් ද දී තිබිණි.
මේ සිද්ධියෙන් මියගියේ ගෝනවල, තල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දන පුෂ්පකුමාර නමැති තිස්නව හැවිරිදි දෙදරු පියෙකි.