බිරිද සැමියාව ඝාතනය කරයි

කරන්දෙණිය – ගුරුබැබිල ප්‍රදේශයේ දී කාන්තාවක් විසින් තියුණු ආයුධයකින් පහර දී සිය සැමියා ඝාතනය කර තිබේ.

දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් අද (03) අලුයම නිවස තුළ දී මෙම ඝාතනය සිදු ව ඇති බව වාර්තා වේ.

මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි එක්දරු පියෙකු බව සඳහන් ය.

ඝාතනය සිදු කළ කාන්තාව කරන්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙදෙනා අතර නිරන්තරයෙන් මෙවැනි ආරවුල් හටගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී කරන්දෙණිය පොලීසියට පැමිණිලි ද ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *