ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට කටයුතු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) විධායක අධ්යක්ෂ ෆාටී බිරෝල් (Fatih Birol) මහතා පවසයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් දෛනිකව ලෝක වෙළඳපොළට ලැබෙන බොරතෙල් බැරල් මිලියන 11ක් පමණ අහිමි වීමේ අවදානමක් මතුව ඇත.මේ හේතුවෙන් ඇතිවන බලශක්ති අර්බුදයේ බලපෑමෙන් මිදීමට ලොව කිසිදු රටකට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කරයි.