බාල ගල් අඟුරු ගෙන්වීම හරහා මහා පරිමාණ වංචාවක් සිදුව ඇති බව විගණකාධිපති වාර්තාව මඟින් පෙන්වා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
ගල් අඟුරු ගෙන්වන්නේ කාලා බලලා නොවේ”</em> යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පරස්පර සහගත බවයි අද (09) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.
මීට පෙර පැවති ආණ්ඩුව සමයේ පොහොර නැවක් පැමිණි විට, එය”අසූචි නැවක්” </em>බවට ජනාධිපතිවරයා එදා ප්‍රකාශ කළේ එය ද”කාලා බලලා දැයි” </em>හිටපු මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා.
එසේම ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධියට වැරදිකරු වූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එම හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූයේ ද “බීලා බලලා” දැයි ගැටලුවක් මතුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.