රට සැබෑ ලෙසම සංවර්ධනය කරා ගෙන යාමට නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයටත්, අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායක ධුරයටත් පත් කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රටේ පවතින දේශපාලන වාතාවරණය තුළ රට ගොඩනැගීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය මෙය බවයි.