අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය, ඊයේ රාත්‍රියේ, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ, හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් බැලීමට කොළඹ ජාතික රෝහලට ගොස් ඇති බවට වන පුවතක්, හිරු මාධ්‍ය ආයතනය මගින් ප්‍රචාරය කර තිබුණි.
එය කිසිදු සත්‍යතාවයක් නොමැති පුවතක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය.
කෙසේ වෙතත්, එකී අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.