රන්වලගේ අනතුරේදී රාජකාරි පැහැර හැරි පොලිස් නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න – පොලිස්පති නියෝග කරයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව, සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් මෙලෙස රාජකාරිය පැහැර හැරි ඇති බවත්, එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *