IHP සමීක්ෂණ වාර්තාව අනූව ධනාත්මක ජනතා කැමැත්තක් ඇති එකම නායකයා බවට අනුර කුමාර පත් වෙයි

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය මාස් පතා නිකුත් කරන පක්ෂ නායකයන් සඳහා වූ ජනතා හිතකරත්ව සමීක්ෂණයේදී ජුලි මාසයට අදාළව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ඇති ජනතා හිතකරත්වය විශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව එම ආයතනය පවසයි.

ඒ අනුව ඔහුට ඇති ජනතා හිතකරත්වය ජුනි මාසයට සාපෙක්ෂව ලකුණු 29කින් ඉහළ ගොස් එය ධන ලකුණු තුනක් බවට පත්ව තිබේ.

මේ අතර එහි තවත් කැපි පෙනන කරුණක් බවට පත්ව ඇත්තේ ස.ජ.බ. නායක සජිත් ප්‍රේමදාස මහතා අභිබවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති ජනතා හිතකරත්වය ලකුණු ලකුණු 40කින් ඉහළ ගොස් එය සෘන ලකුණු – 24ක් බවට පත්ව තිබිමයි.

සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා හිතකරත්වය ජුනි මාසයට සාපේක්ෂව ජුලි මාසයේදී ලකුණු දෙකකින් ඉහළ ගොස් අය සෘණ ලකුණු 42ක් බවට පත්ව තිබේ.

මේ අනුව ධනාත්මක ජනතා හිතකරත්වයක් ඇති එකම පක්ෂ නායකයා බවට අනුර කුමාර දිසානායක මහතා පත්ව තිබිම කැපී පෙනෙන කරුණකි.

image c6085f253b Iri News
image 9a861f6308 Iri News
image 987dd70048 Iri News
image 7a5d159ad1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *