නිතී වීරෝධී ඡාවාරම කරගෙන යන්න පුද්ගලයෙකුට රනිල් දිගටම අවසර දීලා – CID පරීක්ෂණ අරඹයි

නීති විරෝධි ජාවාරම්වල නිරතව සිටින දකුණු පළාතේ පුද්ගලයකුට එම ජාවාරම දිගටම කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරන ලෙසට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුත් ලිපි ශීර්ෂයක සකස් කළ ලිපියක් 2022 වසරේ දී ආරක්ෂක අංශ වෙත නිකුත් කිරීමක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෝසමක් ගොනු කරමින් මේ බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.ජාවාරම්කරුට එම ජාවාරම දිගටම සිදු කරගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කරන ලෙසට හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද විශේෂ නියෝගයක් ලෙසින් එම ලිපිය එවකට හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු කිහිප දෙනකුට යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම මෝසම මඟින් අධිකරණයට කරුණු දැනුම් දී තිබේ. එම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව වැඩිදුර වාර්තාව මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *