අයථා ලෙස උපයාගෙන තිබෙන ධනය රාජසන්තක කිරීමට අදාල නීතිය, තුන්වන ණය වාරිකය මුදා හැරීමට පෙර සම්මත කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ඊට අදාල නීති කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එක්ව පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙම නව නීතිය මගින්, අපරාධ මගින් උපයා ගනු ලැබූ ආදායම් රාජසන්තක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරනවාට අමතරව, අදාල අපරාධයේ ගොදුරු බවට පත් වූ වන්ට හානි ලබා ගැනීමේ හැකියාවද නිර්මාණය කරයි.
උදාහරණයකට, මං තීරු තුනකින් යුතු අධිවේගී මාර්ගයක් ඉදිකරනවා කියා මං තීරු දෙකකින් යුතු අධිවේගී මාර්ගයක් ඉදි කළහොත්, ලැබිය යුතු ප්‍රතිලාභය සමාජයට අහිමි කිරීම හේතුවෙන් සිවිල් පුරවැසියන්ට නීතිය ඉදිරියට යා හැකි ය.
රජය හදුන්වා දීමට සූදානම් වන මෙම නව නීතිය එක්සත් ජනපදයේ අපරාධ ආදායම් පනතේ මූල ධර්ම මත පදනම් වී සකස් කර තිබෙන බව වාර්තා වේ.