පස්වන සමාලෝචනය සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ වන විට දිවයිනට පැමිණ සිටින අතර, ආදායම, උද්ධමනය සහ වර්ධනය යන අංශ තුළ ලංකාව ශක්තිමත් ප්‍රතිපල පෙන්නුම් කරමින් සිටින බව, එම නියෝජිත පිරිස සමග සම්බන්ධ වී සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජූලි කොසැක් මහත්මිය පවසා තිබේ.
බදු එකතු කර ගැනීමේ කාර්යක්ෂමභාවය සහ මිල ස්ථාවරව පවත්වාගෙන යාම උපුටා දක්වමින් ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගෙන යන වැඩසටහන යටතේ ලංකාවේ ප්‍රගතිය ආකර්ශනීය බවයි.
අර්බුදයට පෙර පැවති 5% ක ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාව 2024 වසරේ දී අත්කරගෙන තිබෙන අතර, එය කැපී පෙනෙන ජයග්‍රහණයක් බව ජුලී කොසැක් පවසයි.
රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස, 2022 වසරේ පැවති 8.2% සිට මේ වන විට 13.5% දක්වා වර්ධනය වී තිබේ. එය තවදුරටත් වැඩිකරගත යුතුව ඇති නමුත්, දැනට පෙන්නුම් කර තිබෙන මේ ප්‍රතිශතය පවා සැලකිය යුතු වර්ධනයක් බව ජුලී කොසැක් පවසා තිබේ.
සමස්තයක් ලෙස වැඩසටහන් කාර්ය සාධනය ඉතා ශක්තිමත් බව පවසන ජුලී කොසැක්, වැඩ සටහනේ අරමුණු වෙනුවෙන් රජයේ කැපවීම පැසසුමට ලක් කරයි.