ජනාධිපතිතුමනි, ඔබ නිර්භීතයි, කැපවීමේ ශක්තියේ ප්‍රතිඵල තමයි මේ යනුවෙන් IMF ප්‍රධානී ක්‍රිස්ටියානා ජොර්ජියෙවා මහත්මිය කියා සිටී.
ඇය වැඩිදුරටත් කියා සිටින්නේ ගෝලිය ආර්ථිකය අසීරු අවස්ථාවක දේශීය ආර්ථිකය ස්ථාවර වීම වැදගත් බවත් ශ්‍රි ලංකාවේ ජනතාවගේ හදවත් වැලදගන්නා බව ද කියා සිටී.
ජනාධිපතිවරයා අත්පත් කරගත් දේවල් සම්බන්ධයෙන් ද මෙහිදී ගෞරවය ලබා දෙන බව ඇය කියා සිටීයේ ය.
ශ්‍රි ලංකාවට යම් කිසි විශේෂ සහායක් අවශ්‍ය නම් ඒ සදහා සතුටින් සහ ආශාවෙන් මැදිහත් වීමට සූදානම් බව ඇය වැඩිදුරටත් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී කියා සිටියේ ය.