සුළි කුණාටුව, රටේ ආර්ථිකයට පැහැදිලි බලපෑමක් එල්ල කරනු ඇතැයි පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඉන් සිදුවන හානිය නිවැරදිව තක්සේරු කිරීමෙන් පසු, ලංකාවට ලබා දෙන ආධාර තවත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජූලී කොසෑක් මේ බව ප්‍රකාශ කර තිබේ.
ආපදාවෙන් ජීවිත හානි වූ සහ ඉන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් තමන් ශෝකය ප්‍රකාශ කරන බවද ඇය වැඩි දුරටත් පවසා තිබේ.
සුළි කුණාටුවේ බලපෑම පිළිබදව රජය සිය ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ තක්සේරුවකට පැමිණි පසු, ලංකාවට උදව් කළ යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබා ගන්නා බව ජුලී කොසෑක් පවසයි.