ඉමිටේෂන් මුදු තුන් පාරක් බැංකුවේ තියලා ලක්ෂ 11ක් ගත් පුද්ගලයා අල්ලයි


රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් ලබා දී ඇති මුදු බරින් වැඩිවීම හේතුවෙන් ඇති වූ සැකයත් සමඟ එහි සේවිකාව බැංකු කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරුව, ඔවුන් සිදුකළ පරීක්ෂණයේ දී එම මුදු රන් අලේපිත ව්‍යාජ මුදු බව තහවුරු වී තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු නැවත දිනක දී පැමිණි අවස්ථාවේ දී බැංකුව සිදුකළ දැනුම්දීමකින් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *