ලංකාවට අද සිට ටින් මාලු ආනයනය කිරීම වහාම අත්හිටුවයි

දේශීය ටින් මාලු‍ කර්මාන්තය සහ මෙරට ධීවරයා ශක්තිමත් කිරීමේ අරමුණින් ටින් මාලු‍ ආනයනය අද සිට ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබෙනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් ධීවර දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊට අදාළ උපදෙස් ලබා දී ඇත්තේ ටින් මාලු‍ නිෂ්පාදකයින්ගේ සංගමය සමඟ ධීවර අමාත්‍යාංශයේ අද පැවති විශේෂ සාකච්ජාවකදීයි.

මෙරට ටින්මාලු කර්මාන්තශාලා සදහා සිය මත්ස්‍ය අස්වැන්න මිලදී නොගැනීම හේතුවෙන් තමන් දැඩි අපහාසුවට පත් ව ඇති බවටයි ධීවරයන් චෝදනා කළේ.

මීට පෙර ටින් මාලු කර්මාන්තශාලා සදහා සිය මත්ස්‍ය අස්වැන්න මිලදී ගනු ලැබුව ද වැට් බදු ඉහළ දැමීමත් සමග මිල ඉහළ යාම නිසා කර්මාන්තශාලා හිමිකරුවන් විසින් ටින් මාලු පිටරටින් ආනයනයට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එක් කෝටි අනූ ලක්ෂයකට අධික ටින් මාලු තොග මෙරටට ගෙන්වා ඇති බවටයි ධීවර සංගම් ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට ටින් මාලු ආනයනය කිරීම තාවකාලිකව නතර කරන ලෙසටයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ධීවර දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම දැනට ගෙන්වා ඇති ටින් මාලු සදහා අමතර බද්දක් අය කර ගැනීමට පියවර ගන්නා ලෙසටද ධීවර අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *