බස් – ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට තීරණය කරයි

වැට් බද්ධ වැඩිකිරීමට පියවර ගැනීම හේතුවෙන් බස් ගාස්තු සහ ත්‍රිරොද රථ ගාස්තු ඉහළ දැමීමට සිදුවන වාර්තා වේ.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 31 සිට 35 දක්වාත් සෙසු බස් ගාස්තු සියයට 20ත් 25 ත් අතර ගණනකින් වැඩිකිරීමට සිදුවන බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.

වැට් බද්ධ වැඩි කිරීම හේතුවෙන් බස් රථ වල අමතර කොටස් සහ සේවා ගාස්තු විශාල ලෙස ඉහළ යනු ඇති බවත් ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම වැට් බද්ධ සමග ඉන්ධන මිළ ඉහළ යන බවත් බස් කර්මාණ්තය පවතිවා ගැනීම සඳහා රජයෙන් සහනයක් අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

මේ අතර ත්‍රි රෝද රථ ගාස්තු ද අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ත්‍රී රෝද රථ සංගම් පියවර ගෙන තිබේ.

ඒ අනුව දෙවන කිලෝමිටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 80 සිට 100 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ද ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *