ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ඔවුන් මේ පිළිබඳව පෙන්වා දුන්නේ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේදීයි.
මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බවයි එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම සඳහන්කර සිටියේ.
එමෙන් ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම සඳහා ලන්ච්ෂීට් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද එම කාරක සභාවේදී අවදානය යොමු වූ බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.