වත්මන් ආණ්ඩුව, විපක්ෂයට කිසිදු අභියෝගයක් නොමැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉන්දික අනුරුද්ධ පවසනවා.
සිය පක්ෂය සමඟ සිටින බොහෝ පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ගම්මානවල වැඩ කළ, මෙරට සංවර්ධනයට දායක වූ පිරිස් බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්රීවරයා ප්රකාශ කළේ.
“එක විසිල් පහරකින් ගෙන ආ හැකි පිරිසක්” ශ්රී ලංකා පොදුජන පෙරමුණට සිටින බව මතක තබාගත යුතු බව අදාළ පිරිස් වෙත ප්රකාශ කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉන්දික අනුරුද්ධ වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.