ඉන්දියාවට ලෝක කුසලානය අහිමි වීමේ දුකට තරුණයෙක් මිය යයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දියාවේ තරුණයෙකුට හෘදයාබාධයක් වැළ දී මියගොස් තිබෙනවා.

මියගිය තරුණයා වයස අවුරුදු 27ක ඉන්දියාවේ තිරුපති දුර්ගා සමුද්‍‍රම් ගම්මානයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

ඔහු සිය නිවසේ සිට රූපවාහිනියෙන් ක්‍රිකට් තරඟාවලිය නරඹමින් සිටිය දී ඉන්දියාව ලද පරාජය දැක වාඩි වී සිටි පුටුවෙන් ඇද වැටී තිබෙනවා.

මේ අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවට ලෝක කුසලානය අහිමි වීමත් සමඟ රූපවාහිනියෙන් තරග නරඹමින් සිටි ඉන්දියාවේ විශාල පිරිසක් කෝපයට පත්ව රූපවාහිනි යන්ත්‍ර පොළොවේ ගසා විනාශ කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *