අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නවතාදමන ලද ඉන්දියාව හා කන්කසන්තුරේ අතර නැව් සේවාව මැයි මස 13 වැනිදා සිට යළි ආරම්භ කෙරෙන බව ඉන්දියාවේ ශිවගංගා නැව් සමාගම නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශයට පත්කොට තිබේ.
මෙම නැව් සේවාව ක්‍රියාත්ම වූයේ ඉන්දියාවේ තමිල්නාඩු නාගපට්නම් සිට යාපනය කන්කසන්තුරේ දක්වාය. මුලින්ම මේ නැව් සේවාවට ‘චෙරියපානී’ නැව යොදවා තිබූ අතර මෙවර එම ගමන් සඳහා යොදා ගෙන ඇත්තේ ‘ශිවගංගා’ නමැති නැවයි. දෙවන වරටත් ක්‍රියාත්මක වන මෙම නැව් සේවාව මැයි මස 13 වැනිදා පෙරවරු 8.00ට තමිල්නාඩුවේ නාගපට්ම්නාගායි ජැටියෙන් පිටත්වන අතර එය මද්දහන 12.00ට කන්කසන්තුරේ ජැටිය වෙත ළඟා වීමට නියමිතය. ආපසු එම නැව පස්වරු 2.00ට කන්කසන්තුරේ සිට නාගපට්නම් දක්වා යාත්‍රා කෙරෙන අතර මැයි 13 වැනිදා සිට දිනපතාම නැව් සේවය ක්‍රියාත්මක වෙයි.
එක් මඟියෙකු එක් ගමන් වාරයක් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 34,200ක් ගෙවිය යුතු අතර එක් මගියෙකුට කිලෝග්‍රෑම් 60ක ප්‍රමාණයක් වරකට මෙම නැවෙන් රැගෙන යා හැකිය.