ඉන්දු – ශ්‍රි ලංකා ද්විපාර්ශවික සාකච්ඡා සාර්ථකව අවසන්

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අද (අප්‍රේල් 5) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේ ය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්’ (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අනිද්දා (අප්‍රේල් 6) වන දා තෙක් මෙරටට රැඳී සිටියි.

image 4 Iri News
image 5 Iri News
image 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *